කුඩා දරුවාට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද පොලිස් දැලේ!

4.9k Views
1 Min Read

සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන විඩියෝවට අදාල පළාගිය පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා පුල්මුඩේ, අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිමට වැලිඔය පොලිස් ස්ථානය, පුල්මුඩේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද මෙහෙයුමකින් සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස සමග වයස අවුරුදු 4 ක් හා මාස 06 ක් පමණ වන පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවාද නිරුපද්‍රිතව සිටින අතර, මේ වන විට දරුවා පොලිස් භාරයේ ආරක්ෂිතව පසුවන බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධව වැලිඔය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Share This Article
Leave a comment