“උරුමය” කියන්නේ ඔබේ උරුමයක් – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු !

272 Views
1 Min Read

ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(25) අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මෙහිදී ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.

උරුමය වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ සුවිශාල දායකත්වයක් ලබාදෙන ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම වැඩසටහනේ දී කියා සිටියේ මෙය ජනතාවගේ උරුමයක් බවත් එය සිය දරු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම ජනතාවගේ වගකීමක් වන බවයි. එමෙන් ම අනුන්ගේ ඉඩම්වල වගා කළ ගොවි ජනතාවට එම උරුමය ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.

Share This Article
Leave a comment