දෙවන අවසන් පූර්ව තරඟයට වර්ෂාවෙන් බාධා!

592 Views
1 Min Read

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය මේ වනවිට පැවැත්වෙනවා.

මේ වන විට වර්ෂාව නිසා තරඟය නතර කර තිබේ. ඒ වන විය ඉන්දියානු කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන තිබේ.

ඒ, ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම් අතරයි.

මේ වන විට වර්ෂාව නිසා තරඟය නතර කර තිබේ. ඒ වන විය ඉන්දියානු කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

මේ අතර අද තරගයේ දී විනිසුරුවරයා ලෙස කටයුතු කරන රූඩ් ටකර් විසින් නව වාර්තාවක් පිහිට වනු ලැබුවා.

ඒ, වැඩිම විස්සයි විස්ස ලෝක කුසලාන තරග විනිශ්චය කිරීමේ වාර්තාවයි.

මීට පෙර අලීම් ඩාර් විසින් තරග 45කට විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබූ අතර මෙම තරගය රූට් ටකර්ගේ 46 වන තරගයයි.

Share This Article
Leave a comment