ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් !

313 Views
1 Min Read

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වුණා. ඒ ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී.


චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙය මහාද්වීප 3 කට අයත් රටවල් 26 ක් සම්බන්ධ කර තිබෙනවා.

වර්තමානයේ, විවිධ විපර්යාසයන්ට මුහුණදෙන ගෝලීය මානවයා ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. එහෙයින් ඉතිහාසයේ නිරවද්‍යතාව සහ සාධාරණත්වය සහතික කිරීමට මෙම සංවිධානය ලෝකයට සැබැවින් ම වැදගත් වන බව ද ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා.
සීතල යුද මානසිකත්වයෙන් එල්ල වන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.


විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළා.
මේ අතර, 2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය වෙත පැවරීමට ද එහිදී තීරණය කෙරුණා. චීනය එම වගකීම දරන්නේ වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි.

Share This Article
Leave a comment