උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි – දුම්රිය ධාවනයට බාධා !

717 Views
1 Min Read

උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඔහිය ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පවතින අධික සුලං තත්ත්වයත් සමග අද (19) උදෑසන මෙසේ දුම්රිය මාර්ගය ට විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටී මාර්ගය අවහිර වී තිබෙනවා. එම විශාල ටර්පන්ටයින් ගස් කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.

දුම්රිය මාර්ගයට විශාල ගස් කඩා වැටී තිබෙන බව දුර දී දැක ඇති බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය රියදුරු ධාවනය වෙමින් තිබූ දුම්රිය නවතා ගෙන විශාල අනතුරක් වලකාගත් බවද එම දුම්රියේ ගමන් ගත් මගීහූ පැවසූවා.

මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Share This Article
Leave a comment