පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන ගත් තීරණය මෙන්න !

2.4k Views
1 Min Read

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

අද (29) රැස්වූ විධායක මණ්ඩල රැස්වීමේ දී අදාළ තීරණය ගත් බවයි, මහලේකම්වරයා කියා සිටියේ.

එහි දී කිහිප දෙනෙකු විරුද්ධ වූ බව සඳහන්.

කෙසේ වෙතත් බහුතර මන්ත්‍රී පිරිසක් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කළ බව ද සාගර කාරියවසම් මහතා කියා සිටියා.

මෙම තීරණයට පිටුපාමින් කටයුතු කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද එහි දී තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ.

Share This Article
Leave a comment