සැප්තැම්බර් මස සිට විශ්‍රාමිකයන්ට සුබ පණිවිඩයක් !

1.4k Views
1 Min Read

රාජ්‍ය සේවය කළ සියලුම විශ්‍රාමිකයන් වෙත දැනට ලබා දෙන රුපියල් 2,500ක දීමනාවට අමතර රුපියල් 3,000ක් එකතු කොට එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදු කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යූ.ආර්. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෑතක දී පත් කළ බව ඔහු සඳහන් කළේ ය.

එමඟින් සිදු කළ සමාලෝචන වලට අනුව, 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යූහය ක්‍රියාක්මක කරන තෙක් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ.

මේ වනවිට රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ 7ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බව ත් 2024 වර්ෂය තුළ මෙම අන්තර්කාලීන දීමනාව ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 8.4ක අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බව ත් ඔහු සඳහන් කළේ ය.

රාජ්‍ය අය-වැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්‍යයේ වුව ද මෙම අන්තර්කාලීන දීමනාව ලබා දීමට පියවර ගනු ලැබූවේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය ලබා දෙන කෙටිකාලීන විසඳුමක් ලෙස බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Share This Article
Leave a comment