ඉදිරි පැය 24 සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ය.
ඒ අනුව, 1 මට්ටමේ නායයෑම් ලෙස කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර, තද වැසි සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (17) පස්වරු 1.00ට ය.
ඒ අනුව එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වේ.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.