සියලුම අපේක්ෂකයන්ගෙන් මැතිවරණ වියදම් වාර්තාවක් කැඳවයි !

249 Views
1 Min Read

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සියලුම අපේක්ෂකයින් මැතිවරණය අවසන් වී දින 21ඇතුළත තම මැතිවරණ වියදම් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දියයුතු බව එම කොමිෂන් සභාව සදහන් කරයි.

එම වාර්තාවේ අන්තර්ගතය ලෙස, තමාට ලැබුණු මූල්‍යමය ආධාර සහ ද්‍රව්‍යමය ආධාර පිළිබදව සටහන් කළ යුතුය.

එසේ වියදම් වාර්තාවක් නොදෙන අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසම විසින් රුපියල් ලක්ෂයක මුදල් දඩයක් නියම කිරීම, සිය ධුරය අහෝසි කිරීම හෝ මැතිවරණයකට තරග කිරීම වසර තුනකට තහනම් කිරීම වැනි නීතිමය පියවර ගත හැකි බව ද සදහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට වියදම් කළ හැක්කේ රුපියල් කෝටි 180ක පමණ මුදලක් බව පසුගියදා මැතිවරණ කොමිසම පෙන්වා දුන්නා.

Share This Article
Leave a comment