වෙළඳපොලේ සහල් මිල පාලන මිල ඉක්මවා යයි !

1 Min Read

සහල් තොග වෙළදුන් විසින්, පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සහල් වෙළදුන් පවසනවා.

නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230ක් වශයෙන් අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර තිබෙනවා.

එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙලෙදුන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235 සහ සම්බා සහල් කිලෝවක් රු 245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරිම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි බවයි සහල් වෙළෙදුන් සඳහන් කරන්නේ.

වෙළෙදුන් පවසන්නේ සහල් තොග වෙළෙදුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සදහන් කර වැඩි කළ මුදල වෙනම ලබා ගන්නා බවයි.

නාඩු සහ සම්බා සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි විම හමුවේ තම වෙලදසැල්වල සහල් ප්‍රදර්ශනය නොකර සගවා තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට සිදු වි ඇති බවද වෙළෙදුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This Article
Leave a Comment