ටික්ටොක් හරහා ඔට්ටු අල්ලමින් බයික් රේස් පැද්ද තරුණයින් 12කට වැඩ වරදී !

367 Views
2 Min Read

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමත් සමගම තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා පළා ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පොලීසිය සඳහන් කළා.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලීසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් 10දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එකී පිරිස එලෙස යතුරු පැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ද දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබුණා.

තනි රෝදයෙන් එකී මාර්ගය තුළ මීටර් සීය දෙසිය ආදී තරග ඉසව් සඳහා මුදල් ඔට්ටු ඇල්ලීම ඇතුළු රුපියල් ලක්ෂය දක්වා විකල් ඔට්ටු අල්ලා තරගයට මෙම යතුරු පැදි ධාවනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරුපැදිවලට විවිධ අංගෝපාංග සවිකර හැඩය වෙනස් කර තිබූ අතර සයිලන්සර්වලට ශබ්දය වැඩි කිරීම සඳහා ද අමතර කොටස් සවිකර තිබූ බව පොලීසිය පැවසනවා.

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 18 වෙනිදා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යතුරුපැදී දමා පළා ගිය තරුණයන් සොයා යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This Article
Leave a comment