පාකිස්ථානයෙන් හමු වූ Mpox ආසාදිතයන් ගණන 6 දක්වා ඉහළට !

383 Views
1 Min Read

පාකිස්ථානයේ මේ වන විට Mpox හෙවත් වඳුරු උණ ආසාදිතයන් ගනණ 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පසුගියදා තවත් Mpox ආසාදිතයෙක් බවට සැක කෙරෙන පුද්ගලයෙකු සොයා ගැනීමත් සමගයි.

එම පුද්ගලයා එරට සංචාරයක් සඳහා සෞදි අරාබියේ ජෙඩා සිට ගුවන්‍ යානයකින් පාකිස්ථානය වෙත ලඟා වී ඇති අතර එම පුද්ගලයාට Mpox රෝගයට සමාන රෝග ලක්ෂණ පවතින බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

පාකිස්ථානයෙන් හමු වූ 5 වන Mpox ආසාදිතයා ද සෞදියේ සිට පැමිණි අයෙක් බව මින් පෙර අනාවරණය වුණා.

කෙසේ වෙතත් පසුගියදා හමු වූ මෙම 6 වන ආසාදිතයා මේ වන විට පාකිස්ථානයේ සින්ද්හි රජය විසින් පාලනය කරන රෝහලක හුදෙකලා වාට්ටුවකට යොමු කර අතිරේක තක්සේරුව සහ රැකවරණය සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This Article
Leave a comment