තායිලන්තයේ රජු සමලිංගික විවාහ පනතට අත්සන් තබයි !

579 Views
1 Min Read

තායිලන්තයේ රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට අත්සන් කර ඇති අතර, සමලිංගික සංගම් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට ඒ අනුව තායිලන්තය පත්වුණා.

පනත ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත් නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණා.

එය අඟහරුවාදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මකවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

“අද අපි විවාහ සහතිකවල අපේ නම් ලිවීමට පමණක් නොව, අපි ඉතිහාසයේ පිටුවක් ද ලියමින් සිටිමු… එය අපට පවසන්නේ ආදරය කිසි විටෙකත් අප ඉපදුණේ කවුරුන්ද යන්න පිළිබඳ කොන්දේසියක් නොතබන බවයි, එරට සමරිසි ප්‍රජාව දැනුම්දෙන්නේ.

“එය සමානාත්මතාවයේ සහ මානව ගරුත්වයේ ජයග්‍රහණයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Share This Article
Leave a comment