පාසල් සිසුන්ට සුබ ආරංචියක් !

3k Views
1 Min Read

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අලෙවිය තුලින් රටේ සංවර්ධනයට දායක වීමේ අරමුණින් පාසල් සිසුන් සඳහා වන පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමය (FLGIG) විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මේ බව අනාවරණය කළා.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජයක් බලයට පත් වූ විට බොහෝ දේ බලාපොරොත්තු වන මේ සමාජය තුළ රටේ කර්මාන්තකරුවන් සහ නිර්මාණකරුවන් රජයට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය බවයි.

Share This Article
Leave a comment