කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වෙනස් වෙයි !

863 Views
1 Min Read

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා ඊයේ අනු­මැ­තිය ලබා දී තිබෙනවා.

මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර තිබූ අතර ආණ්ඩු­කා­ර­ව­රයා අනු­මැ­තිය දී ඇත්තේ එම යෝජ­නා­ව­ටයි.

පසු­ගිය වක­වා­නුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතු­ළුව විවිධ වෘත්තීය සමිති හා මවු­පිය සංවි­ධා­නය යෝජනා ඉදි­රි­පත් කර තිබුණා.

මධ්‍යම පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව හඳුන්වා දුන් නැනෝදා අධ්‍යා­පන සංව­ර්ධන වැඩ­ස­ට­හන සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘ­තිය යටතේ 2012 වස­රේදී මෙම පාසල කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ප්‍රාථ­මික විද්‍යා­ලය යන නමින් හැඳි­න්වී­මට පිය­වර ගනු ලැබූ අතර නව තීර­ණ­යත් සමඟ මින් ඉදි­රි­යට මෙම පාසල කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙසින් හඳු­න්වනු ඇත.

Share This Article
Leave a comment