සල්ලි අච්චු ගැහුවා නම් ජනාධිපතිගෙ අත්සන තියෙන්න ඕනේ – විජිත හේරත් !

648 Views
1 Min Read

රජය මෙතෙක් කිසිඳු මුදල් මුද්‍රණයක් සිදුකර නොමැති බව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එසේ අලුතින් මුදලක් මුද්‍රණයක් සිදුකරනවා නම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් විය යුතු බවත් එවැනි කිසිවක් සිදුව නොමැති බවයි අද (29) පැවති කැබිනට් මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව රජය විසින් මුදල් මුද්‍රණය කර ඇති බවට සඳහන් පුවත ව්‍යාජ පුවතක් බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිඳු රටකින් හෝ ආයතනයකින් රජය ණය ලබා ගැනීමක් සිදුකර නොමැති බවත් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර කල් පිරෙන විට ඊට සමගාමීව නව ඒවා නිකුත් කරන බවත් එය සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Leave a comment