ඇෆ්ගනිස්තාන කාන්තාවන් සදහටම නිහඬ කරමින් නව නීතියක් !

1.6k Views
1 Min Read

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය එරට කාන්තාවන්ට කටහඩ තවත් අයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කරමින් නව නීති‍යක් පනවා තිබෙනවා.

මීට පෙර ඇෆ්ගනිස්තාන කාන්තාවන් හට පිරිමි පුද්ගලයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කර තිබුණා.

කාන්තාවන්ගේ කටහඩ ප්‍රසිද්ධ ස්ථානවල දී තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බව තලෙයිබාන් පාලනයේ මතය වී තිබෙනවා.

එමෙන්ම, ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම ද මෙම නීතිය මගින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්ථාන මානව හිමිකම් සංවිධාන අවධාරණය කර ඇත්තේ මෙම නීතිය හේතුවෙන් කාන්තාවන්ට තවත් කාන්තාවන් සමඟ කතාබහ කිරීමට නොහැකි පසුබිමක් සැකසෙනු ඇති බවයි.

තලෙයිබාන් රජයේ අමාත්‍යවරයෙකු විසින් මෙම නීතිය සම්බන්ධයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණා.

“වැඩිහිටි කාන්තාවක් යාඥා කරන විට  තවත් කාන්තාවක් ඒ අසලින් ගියත්, ඔවුන්ට ඇසෙන පරිදි ඇය ඉහළ හඬකින් යාඥා නොකළ යුතුය.”

යාඥා කරන අතරතුර එකිනෙකාගේ කටහඬ ඇසීමට පවා කාන්තාවන්ට නොහැකි නිසා, ඔවුන්ට ගායනා කිරීමට අවසර දීමේ හැකියාවක් නැහැ

මෙම නව නීති ක්‍රමයෙන් ක්‍රියාත්මක වනු ඇති අතර, අප ගන්නා සෑම පියවරකදීම දෙවියන් වහන්සේ අපට උපකාර කරනු ඇත” යනුවෙන් ඔහු අදාළ නීති සම්බන්ධයෙන් දැනුම් දෙමින් පවසා තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය සේවකයින්ට පිරිමි රෝගියෙකුට ප්‍රතිකාර කිරීම තහනම් කරමින් නව නීති පනවා තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share This Article
Leave a comment