Hong Kong Sixes 2024 : බංග්ලාදේශය පරදවමි​න් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි!

926 Views
1 Min Read

Hong Kong Sixes තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් වුණා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 3 ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පස්වරු 2:15 ට පැවැත්වීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කරමිනුයි පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 6 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

ජිශාන් අලා​ම් ලකුණු පන්දු 11කි​න් 36 ක් හා මොහොමඩ් සයිෆුඩීන් පන්දු 12කින් නොදැවී ලකුණු 23ද් ක් රැස් කළා. අබූ හයිඩ​ර් පන්දු 6ක​දී ලකුණූ 18යි. පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

හයේ පහර 4 ක් සමග ධනංජය ලක්ෂාන් පන්දු 6කි​න් ලකුණු 24 ක් රැස් කළා. සදුන් වීරක්කොඩි ලකුණු 50 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ පන්දු 16 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ලහිරු සමරකෝන් ලකුණු 6කට දැවී ගිය අතර, නායක ලහිරු මදුෂංක ලබා ගත්තේ පන්දු 6ක​දී ලකුණු 3ක් පමණයි.

Share This Article
Leave a comment