Hong Kong Sixes 2024 : වසර 17කට පසු Hong Kong Sixes ශූරතාව​ය ශ්‍රී ලංකාවට!

1k Views
1 Min Read

2007 වසරෙන් පසුව පළමු වරට හොංකොං සික්සර්ස් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් වුණා.

ඒ, 2024 හොංකොං සික්සර්ස් තරගාවලියේ (Hong Kong Sixes 2024) අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 3 ක ජයක් වාර්තා කරමින්.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 5.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි.

Muhammad Akhlaq පන්දු 20 කින් ලකුණු 48 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු හයකට කඩුලු දෙකක් දවා ගත් අතර, තරිදු රත්නායක ලකුණු 25 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සදුන් වීරක්කොඩි පන්දු 13 කින් ලකුණු 34 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින්. ධනංජය ලක්ෂාන් ලකුණු දෙකකට(7) දුවද්දී දැවී ගියා.

ලහිරු මදුෂංක ලකුණු 19(5) ක් රැස් කළේ හයේ පහර 3 ක් සමගින්. තරිදු රත්නායක නොදැවී ලකුණු 16(4) ක් හා ලහිරු සමරකෝන් නොදැවී ලකුණක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

Share This Article
Leave a comment