විවාහ පනත සංශෝධනය වනවාද ? – අමාත්‍ය විජිත පැහැදිලි කරයි !

1.2k Views
1 Min Read

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් අදහස් හුවමාරු කර ගෙන ඇති බවත්, ඔවුන්ට අයිතියක් ඇති බවත් රජය එයට ගරු කරන බවත්ය.

“ආගමික පනත් සඳහා සංශෝධන අවශ්‍ය නම් අදාළ ආගමේ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ඒවා සිදු කරනවා.

ඕනෑම ආගමික පනතක වෙනස්කම් සිදු කරන්නේ එම ආගමේ නායකයින්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුවයි.

Share This Article
Leave a comment