නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
එම කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වෙනවා.
- නීතිඥ කුමාර් දුනුසිංහ මහතා
- නීතිඥ ඉන්දික වේරගොඩ මහතා
- ආචාර්ය විතානගේ මහතා
- කමිටු ලේකම් – නීතිඥ යසස් ද සිල්වා මහතා
මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය වී ඇති අතර අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කළ බවට වාර්තා වනවා.
ඔයිට වඩා දෙයක් කරලා නෑනෙ ඉතිං. ඇතුලෙ එකෙක්ට පඩයක් ගියත් කමිටුවක් පත් කරනවා ඇරෙන්න කරගන්න පුලුවන් දෙයක් නෑ. දැන්වත් ඔය විහිළු නවත්තන්න බැරිද? රට හදන්න සහාය දෙන්න තනතුරු වැඩක් නෑ. තනතුරු පස්සෙ යන්නෙ බලලෝභී කුහක හැත්ත විතරයි. තව අවුරුද්දකින් ඔය ගොං ඔලුගෙඩි ටික තඹ සතේකට ගනන් ගන්නෙ නැති ගානට වැටෙනවා. දේශපාලනය බිස්නස් එකක තැනින් අයින් කරලා ඉවරයි. වැඳුම් පිදුම් තවත් නෑ. ප්‍රභූ තනතුරු ගෞරව නෑ!