ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

306 Views
1 Min Read

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශ්වකාර ආයතන වෙත අදාළ මාර්ගෝපදේශ මේ වන විට නිකුත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම යම්කිසි දරුවෙකුට මුහුණදිය හැකි බාධා මග හරවා ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව යම් ආපදාවකදී විභාගයට බාධාකාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සඳහා හදිසි ඇමතුම් අංක 117, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි වන අංක 0113 668 020, 0113 668 100 / 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන දුරකථන අංක හෝ විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංක අමතන ලෙසද ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු බලන නිවේදන පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරන ලෙසත් අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Share This Article
Leave a comment