අදත් වැස්ස – කාළගුණ නිවේදනය මෙන්න!

634 Views
1 Min Read

උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 වනවිට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුළට ඇතුළු වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 3 තුළදී බටහිර-නිරිත දෙසට සෙමින් ගමන් කර ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති අතර එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී

Share This Article
Leave a comment