ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට !

444 Views
1 Min Read

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබුවා.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්වු ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා තිබෙනවා.

2018 වසරේ මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වු ඇය 2024 වසරේ ඔක්තෝබර් 10 වන දා වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබීය.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Share This Article
Leave a comment