කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත්, තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, තමාගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බවත් ඔහු සඳහන් කරනවා.
තමන්ට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත්, එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් එම නිවේදනය මගින් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම, මේ මොහොතේ මතුව ඇති එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අශෝක රංවලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි ඔහු මෙලෙස කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන්නේ.
ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.
ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්.
ලිපිය පහතින්,