ChatGPT සේවාව WhatsApp හරහා පරිශීලනයට අවස්ථාව, භාවිතා කරන්නේ මෙහෙම​යි!

1.4k Views
2 Min Read

ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබෙනවා. මෙම සේවාව නිකුත් කරනු ලැබුවේ දෙසැම්බර් 18 වනදා සිටයි.

මෙම සේවාව Whatspp ඔස්සේ සංවාද සවරූපයෙන් පමණක් ක්‍රියාත්මක වන අතර, ජායරූප සහ වීඩියෝ සඳහා WhatsApp ඔස්සේ ප්‍රතිචාර දැක්වීමක් සිදුනොවේ.

මේ වන විට OpenAI සමාගම විසින් ඔවුන්ගේ ChatGPT සේවාව WhatsApp හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙන අතර, මෙ​ම link එක භාවිතා කරමින් හෝ +18002428478 අංකයට WhatsApp හරහා පණිවිඩයක් යැවීම හරහා මෙම සේවාව භාවිතා කළ හැකි වෙනවා.

ශ්‍රී ලංකාව තුළ Social media data packages පමණක් භාවිතා කරන අයටත් නොමිලයේම ChatGPT සේවාව භාවිතා කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන සේවාවක් වන අතර, ලොව පුරා සිටින ඕනෑම පරිශීලකයෙකු හට මෙය භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට OpenAI සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම එළිදැක්වීම OpenAI සමාගමේ 12 Days of OpenAI event එකෙහි කොටසක් ලෙස සිදු කර තිබෙන අතර, මේ අලුත් WhatsApp bot එක බළගැන්වෙන්නේ OpenAI සමාගමේ නවතම cost effective OpenAI o1-mini model එක මගින් වන බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

WhatsApp සේවාව මේ වන විට ලොව පුරා බිලියන 2.5ක පමණ පරිශීලකයින් පිරිසක් භාවිතා කරනු ලබන අතර, මීළඟ වසර වන විට එය බිලියන 3 අභිබවා යනු ඇති බව අනුමාන කෙරෙනවා.

OpenAI – WhatsApp integration එක හරහා බිලියන 2.5ක් වන WhatsApp පරිශීලකයින් හට නැවත register වීමකින් (account creation එකකින්) තොරව, ඉතාමත් පහසුවෙන් ChatGPT සේවාව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

YouTube player
Share This Article
Leave a comment