කළුතර ජනතාවට විශේෂ දැනුම්දීමක් !

340 Views
0 Min Read

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවනු ඇත.

අද පෙරවරු 9 සිට හෙට (27) අලුයම 3දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.

Share This Article
Leave a comment