රූපවාහිනී සංස්ථාවේ නව සභාපති වැඩ භාර ගනියි!

705 Views
1 Min Read

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද වැඩ භාර ගනු ලැබුවා.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති වෘත්තීකයෙකි.

කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි කරගෙන තිබෙනවා.

නව සභාපතිවරයා සිංගර් සමාගමේ ද සේවය කර ඇති බව සඳහන්.

Share This Article
Leave a comment