සුරාබදු ආදායම බිලියන 226 ඉක්මවයි !

597 Views
1 Min Read

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂය තුළ සුරාබදු ලෙස රුපියල් බිලියන දෙසීය විසිහයකට (226) අධික සුරාබදු ආදායමක් උපයාගෙන ඇත. මෙය රුපියල් කෝටි 22,600 කට අධික මුදලකි.

සුරාබදු දෙපාර්තමේන්තුවට 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 232ක බදු ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර පෙරේදා (31දා) දහවල් වනවිට රුපියල් බිලියන 226.3ක බදු ආදායමක් උපයා ඇතිබව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවට නිලධාරීන්ගේ 200ක පමණ අඩුවක් පවතින අතර, නව බඳවා ගැනීම් සහ දැනට සිටින නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීමෙන් පසු මේ වසර තුළ බදු ආදායම තවත් වැඩිකර ගැනීමට කටයුතු කරන බවද උදය කුමාර මහතා පවසනවා..

Share This Article
Leave a comment