පොලිස් මූලස්ථානයේත් CCTV කැමරා සොරකම් කරලා.. සොයන්න විශේෂ විමර්ශනයක්!

228 Views
1 Min Read

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ සීසීටිවි කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිසියට අයත් අංශ රැසක්ම ක්‍රියාත්මකව පවතින අතර පිටස්තර කිසිවෙකුට එහි ඇතුලුවීමට නොහැකි වන අකාරයට ආරක්ෂාව තර කර තිබියදී මෙම සොරකම සිදුවූයේ කෙසේ ද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත.


Share This Article
Leave a comment