නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන අන්දමින් තවදුරටත් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් නොමැති බව විදුලි සංදේශ නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරල් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් බන්දුල හේරත් පවසනවා.
මින් ඉදිරියට අදාළ සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරනවා.
නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගෙන විවිධ අපහසුතා හා අවහිරතාවලට මුහුණ දීමට රටේ ජනතාවට සිදුව තිබෙනවා. එම උපකරණ රටේ පාරිභෝගිකයින්ට විකිණීම වැළැක්වීම අප ආයතනයේ ප්‍රධාන වගකීමක් වෙනවා. මේ සඳහා අප ආයතනය ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ජනතාව දැනුවත් කර අවසානයේ දී රට තුළට නීතියානුකූල නොවන ආකාරයට ජංගම දුරකථන ගෙන ඒම වැළැක්වීමයි. මේ ක්‍රමවේදය තුළ දැනට භාවිත කරන කිසිදු ජංගම දුරකථනයක් අවහිර නොවන අතර විදේශිකයින්ට ජංගම දුරකථන භාවිතයට අවහිරයක් නෑ.