ඖෂධ ආනයන චෝදනාවක් ගැන විමර්ශනයක් !

196 Views
1 Min Read

අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

වෛද්‍යවරයා පවසන්නේ, ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් මෙරට ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් ඖෂධ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණොත් පමණක් පරීක්‍ෂා කරන බවයි.

ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් වීම තුළ සහ ඒ ඖෂධ සැපයීම මධ්‍යගත වීම තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බොහෝ දියුණු රටවල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා ප්‍රමාණයෙන් විශාල බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Leave a comment