අධිකරණයට අපහාස කළායැ​යි සුදත්ත තිලකසිරිට නඩුවක්!

150 Views
1 Min Read

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පල කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව මීට සුළු වේලාවකට පෙර අධිකරණය හමුවේ ගොනු කර ඇත.

CA/COC 01/2025 යන අංකය යටතේ මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.

Share This Article
Leave a Comment