පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අවුරුදු 14ක් හිරේ – බිරිය ​බිබිට අවුරුදු 07ක්!

43 Views
1 Min Read

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට වසර හතක සිර දඬුවමක් අද (14) පකිස්ථාන අධිකරණය විසින් නියම කළේය.

ඒ අල්-කදීර් විශ්ව විද්‍යාල ව්‍යාපෘති භාරය සම්බන්ධව සිය අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය සම්බන්ධව ඛාන්ට එරෙහිව ගොනු කළ නඩුවක තීන්දුව ලබා දෙමිනි.

ඛාන්ට පකිස්ථාන රුපියල් මිලියනයක (ඩොලර් 3,500) දඩයක් ද නියම කරන ලද අතර, බිබිට එම මුදලින් අඩක් දඩ ලෙස නියම කරන ලදී.

ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට රාවල්පින්ඩිහි අදියාලා බන්ධනාගාරයේ සිරතගතව හිඳී. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම තුන් වතාවක් කල් ගොස් තිබිණි. හිටපු අගමැති වරදකරු බවට පත් වූ සිව්වන ප්‍රධාන නඩුව මෙයය.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද පෙර දඬුවම් තුනක්, රාජ්‍ය තෑගි විකිණීම, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සහ නීති විරෝධී විවාහය සම්බන්ධ වූ අතර, ඒ සියල්ල අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලදී. එසේ තිබියදීත්, ඛාන් මෙතෙක් සිරගතව සිටියේය. තවද ඔහුට එරෙහිව නඩු දුසිම් ගණනක් විභාග වෙමින් පවතී. එය ඔහුට එරෙහිව සිදුව​න දේශපාලන දඩයමක් ලෙස ඉම්රාන් ඛාන් පවසයි.

Share This Article
Leave a Comment