අමෙරිකාවේ TikTok තහනම යළි හැරවෙයි !

1 Min Read

අමෙරිකා එක්සත් ජනපදය තුළ නැවත TikTok සේවාව ආරම්භ කර තිබෙනවා.

ඒ, එරට තුළ පැනවූ TikTok තහනම අත්හිටුවමින් සහන කාලයක් ලබා දීම සඳහා විධායක නියෝගයක් නිකුත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.

මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව මිලියන 170ක් වූ TikTok පරිශීලයකයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූති පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හේතූන් මත එය තහනම් කිරීමේ නීතියක් බලාත්මක වීමෙන් පසු, ජනවාරි 18 වන සෙනසුරාදා සවස ByteDance සමාගම TikTok යෙදුම අමෙරිකානු පරිශීලකයින් සඳහා අක්‍රීය කෙරුණා.

ByteDance සමාගම විසින් TikTok තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනයක් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනවාරි 17 වන දා ප්‍රතික්ෂේප කෙරුණා.

Share This Article
Leave a Comment