අගමැති හරිනි​ගේ අමාත්‍යාංශයේ ඉන්ධන වියදම මිලියන 3 සිට මිලියන 01 දක්වා අඩු කරයි (VIDEO)

1 Min Read

අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව අද (23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ චාමර සම්පත් දසනාය​ක අගමැති ආචාර්ය හරිනි​ අමරසූරිය වෙත යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරකිනි.

අගමැති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම මිලියන 3.4සිට මිලියන 01 දක්වා අඩු කර ඇති බව ඇය එහිදී සඳහන් කළ අතර ඒ අනුව එය ප්‍රතිශතයක් ලෙස 71%ක වියදම් අඩු කිරීමකි.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර අගමැති වෙනුවෙන් වෙඩි නොවදින වාහන ඇතුළු විශාල වාහන සංචිතයක් තිබූ බවත් තමන් මේ වනවිට භාවිතා කරන්නේ පරිසරයටත් ආර්ථිකයටත් දැරිය හැකි මට්ටමේ වාහනයක් බවත් අගමැති වාහන සංචිතයේ ඇති විශාල වියදම් සහිත වාහනවලින් පරිසරයටත් ආර්ථිකයටත් දැරිය හැකි මට්ටමේ වාහනයක් සොයාගැනීම දුෂ්කර කාර්යයක් වූ බවද ඇය සඳහන් කරයි.

මෙහිදී වසන්ත සමරසිංහ භාවිතා කරනු ලබන වාහනය පිළිබඳව ද උණු​සු​ම් කතාබහක් චාමර සම්පත් සහ අගමැති හරිනි අමරසූරිය අතර නිර්මාණය විය.

YouTube player
Share This Article
Leave a Comment