හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 22) අත්අඩංගුවට ගනු ලැබුවා.
මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපළ යටතට ගැනෙන වරදකට එල්ල වූ චෝදනාවකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවා.
අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයන් නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ අයෙක්.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 61,46,110ක (රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හය දහස් එකසිය දහයක) මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබන අතර හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ අද (ජනවාරි 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.