මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක් !

1 Min Read

අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය අවලංගු කර ඇති බවට පළවන වාර්තා අදානි සමූහය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක්ම අද (24) ශ්‍රී ලංකාවේ මෙම අදානි ව්‍යාපෘතිය අවලංගු කර ඇති බවට වාර්තා පළ කර තිබුණා.

ඒ අනුව පළකර තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අදානි සමූහය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2025 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බවත් මෙම නිවේදනයෙන් අදානි සමාගම අවදාරණය කරනවා.

අදානි සමාගම විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Share This Article
Leave a Comment