මූතූර්​හි ද්විත්ව ඝාතනයක් – දැරියකට​ත් තුවාල!

මූතූර් දාහානගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා ඝාතනය කර, දැරියකටද තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ 68 හැවිරිදි සිරිදරන් රාජේස්වරී හා 74 හැවිරිදි ශක්තිවේල් රාජකුමාරි නැමැති අයවලුන් වන අත‍ර ඔහුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. තුවාල ලැබූ දැරිය මිය ගිය කාන්තාවකගේ මිනිබිරියක බව පොලිසිය පවසයි.

ඝාතනය සිදුවන අවස්ථාවේ දැරියගේ මව නිවසේ නොසිටි අතර එම කාන්තාව විවාහයෙන් වෙන්ව මව හා මවගේ අක්කා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

Share This Article
Leave a Comment