ලොවක් කම්පා කළ ඉන්දියාවේ, අහමදාබාද් හිදී සිදු වූ බිහිසුණු ගුවන් අනතුරින් බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන තිබු බව විදෙස් මාධ්‍යය වාර්තා කලේය.
අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවයි.
කෙසේ නමුත් අදාළ ගුවන් යානයේ 11A ආසනයේ සිටි මගියා මෙලෙස දිවි බේරාගෙන තිබුණු අතර අනතුරින් දිවි බේරාගෙන තිබුණේ ඉන්දීය සම්භවයක් ඇති විශ්වාෂ් නමැති 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබූ අතර, විශ්වාෂ් සිය සහෝදරයා සමඟ නැවත එක්සත් රාජධානිය වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත.
මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වේ.
කෙසේ නමුත් ඔහුගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව ඇති බව සඳහන් වේ.
මේ අතර විශ්වාෂ් කුමාර් තමා මුහුණ දුන් භයානක අත්දැකීම අද මාධ්‍ය සමඟ බෙදාගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මෙම දරුණු අනතුරින් තමන් දිවි ගලවා ගත්තේ කෙසේදැයි තමන් ද නොදන්නා බවයි.
සියල්ල තත්පර කිහිපයකින් සිදුවුණා. අපි පහළට යන බව මට වැටහුණා. මුලදී, මම මිය ගොස් ඇති බව මම සිතුවා. පසුව මම තවමත් ජීවතුන් අතර සිටින බව මට වැටහුණා, මගේ ආසනය අසල බඳ කොටසේ සිදුරක් දැක්කා මම. මම මගේ කකුලෙන් තල්ලු කරමින් එම විවරය හරහා බඩගාගෙන ගියා.මගේ වටා සිටින සියලු දෙනා මිය ගොස් හෝ මිය යමින් සිටියා. මම තවමත් බේරුණේ කෙසේදැයි මට තේරෙන්නේ නෑ”
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද ගුවන් අනතුරින් දිවි බේරාගත් තරුණයාගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබන රෝහල වෙත ගොස් තිබුණි.