ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව ඉටුවී නොමැති වීම සහ ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම නිසා තමා කළකිරීමෙන් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පසුගිය 12 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 191 වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැති දේව මෙහෙයේදීයි.
පසුගිය මැතිවරණ සමයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වර්තමාන රජය විසින් දුන් පොරොන්දුව වන පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරට පිළිබඳ වොහාරිකව පවත්වන විමර්ශනවලට මගපෙන්වීමට සහ ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පත්වාගෙන යෑමට බලතල ඇති විශේෂ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව කණාගාටුවෙන් වුවද ප්‍රකාශ කළයුතු බව උන්වහන්සේ පැවසීය.
ඇතැම් දේශපාලන නායකයන්ට බැළමෙහෙවර කිරීමට ඇති ආශාව මත හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු සහ රජයේ උසස් යැයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය හෙළාදකින බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කර ඇත.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, එම මහා ව්‍යවසනය පිළිබඳව කළින් දැන සිටිය ද එය වැළැක්වීමට නිල බලයෙන් වගකීමක් තිබියදී කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරු සහ එම දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිඳු නීත්‍යානුකූල හෝ විනයානුකූල පියවරක් ගෙන නොමැති බව කණගාටුවෙන් සඳහන් කරන බවත්, තමන් ඇතුළු පිරිස පවරූ නඩු කීපයක් තුළින් වින්දිතයන්ට අදාළ පුද්ගලයන්ගෙන් දඩ මුදල් අයකරගැනීමට හැකිවූවා මිස එතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් නොකිරීම ලැජ්ජාසහගත බවයි.
යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් කිසිවක් මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති බවත් උන්වහන්සේ සඳහන් කර ඇත.