රෙස්ලිං ශූර ජෝන් සීනා ක්‍රීඩා දිවියට සමුදෙයි : අවසාන ප්‍රතිවාදියා මෙන්න!

රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට අද (13) ක්‍රීඩාකිරීමට නියමිත‍ව ඇති බව වාර්තා වේ.

මෙම තරගය මෙරට වේලාවෙන් හෙට (14) අලුයම පැවැත්වෙන අතර ඒ අනුව අද තරගයෙන් පසු ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වනු ඇත.

ඔහුගේ අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER’ය.

රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනා, 2001 වසරේ සිට WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියි.

ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනාඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව බව වාර්තා වේ.

අඩි 6යි අඟල් 1(185cm)ක් උස, කිලෝග්‍රෑම් 114ක් බර දැඩි දේහධාරී පෙනුමක් ඇති ජෝන් සීනා, මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවේ.

Share This Article
Leave a Comment