කරාපිටිය රෝහලේ හෘද රෝගී ජීවිත අනතුරේ !

381 Views
1 Min Read

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සි.ටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් දැනට මාසයක පමණ කාලයක සිට අක්‍රිය වී ඇති අතර අනික් ස්කෑන් යන්ත්‍රයෙන් ද ස්කෑන් කළ හැක්කේ රෝගියකුගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට රෝහලේ ඇන්ජිඕග්‍රැම් පරික්ෂණ (angiogram test) සිදුකරණ යන්ත්‍රය ද ක්‍රියාවිරහිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

හෘද කැතිටර් ප්‍රථිකාර කිරීමට අත්‍යවශ්‍ය පරීක්ෂණය වන්නේ එන්ජිඕග්‍රෑම් පරීක්ෂණය ය. දකුණු පළාතේ ඇති රජයේ රෝහල් අතුරින් හෘද රෝගින් සඳහා මෙකී පහසුකම තිබුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. දකුණු පළාතේ පමණක් නොව රත්නපුර, ඇඹ්ලිපිටිය, මොනරාගල, ආදි ප්‍රදේශවල සිටද රෝගිහු ඇන්ජිඕග්‍රැම් පරික්ෂණ සිදුකරගැනීම සඳහා කරාපිටිය රෝහලට පැමිණෙති. සී.ටී ස්කෑන් යන්ත්‍රයත් ක්‍රියා විරහිත වී ඇත්තේ මේ පසුබිමේ දී ය. මේ වනවිට ඉතිරිවී ඇති රෝගියගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් ස්කෑන් කළ හැකි යන්ත්‍රයද ඉතා අබලන් තත්වයේ පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ පිළිබද අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංග පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ සහ එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයේ බල්බ පිලිස්සී ඇති බවත් එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල විදයමක් දැරිය යුතු බවත්ය.දැනට රජයේ වියදමින් පුද්ගලික අංශවලට යොමුකර හදිසි පරීක්ෂණ සිදුකරනු ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Share This Article
Leave a comment