මාදුරු ඔයේ ධීවර කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ! 

303 Views
1 Min Read

මාදුරුඔය ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදෙන මාදුරුඔය ධිවරයන් සහ පදියතලාව ධිවරයන් අතර ඇතිවු ගැටුමකින් 14 දෙනකු තුවාල ලබා ඇතැයි මහඔය පොලිසිය කියයි.
තුවාල ලැබු වනජීවි නිළධාරියකු ද ඇතුලු ධිවරයන් 05 දෙනක් මහඔය රෝහලට ඇතුලත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබේ.
පදියතලාව ධිවරයන් පිරිසක් මාදුරුඔය වැවේ මාලු අල්ලමින් සිටියදී මාදුරුඔය ධිවරයන් කණ්ඩායමක් පැමිණ ඔවුන් අල්ලා ගැනීම නිසා ඇතිවු සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම ඇතීවී තිබේ.
මාදුරුඔය ධිවරයින් විසින් පදියතලාව ධිවරයින්ගේ වාඩි 08 ක් සහ ඔරු 13 ක් ද මාලු දැල් විශාල ප්‍රමානයක් ද ගිනිබත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.
පහරදීමට පැමිනි මාදුරුඔය ධිවර පිරිස පදියතලාව ධිවරයින් සමග සාකච්ඡාවකට පැමිණෙන බව පවසා බොට්ටු දෙකකකින් සහ ඔරු 38 කින් 200 ක් පමන පිරිසක් පැමින මෙම ප්‍රහාරය එල්ල කල බව පදියතලාව ධිවර සමිතියේ සමිතියේ සභාපති විජේපාල මහතා පැවසීය.

Share This Article
Leave a comment