ගංජා වගාවක් විශේෂ කාර්ය බලකාය විසින් විනාශ කර දමයි

281 Views
1 Min Read

ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ සිදුකළ නිරීක්ෂණයකදී තණමල්විල,සූරිආර රජයේ රක්ෂිතයේ ඉතා සුක්ෂම ලෙස වගා කර තිබූ ගංජා හේනක් වැටලිමට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඊයේ (22) සවස සමත් වී තිබේ.
ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් තණමල්විල හා ඒ අවට රජයේ රක්ෂිත තුළ සිදුකෙරෙන ගංජා ජාවාරම් සොයා විශේෂ කාර්ය බළකා නිළධාරීන් සිදුකල විශේෂ වැටලීමකදි මෙම ගංජා හේන සොයාගෙන තිබේ.

හි තිබී අඩි 05 යි අඟල් 06 ක් උස ගංජා ගස් 6,760 ක් සහිත වගාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් ගංජා ගස් 10 ක් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඉතිරි ගංජා ගස් එහිදීම ගිනි තබා විනාශ කර තිබේ.‍

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වි. දිසානායකගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකර තිබේ.

Share This Article
1 Comment