දැරණියගල පොලිස් වසමේ, මලන්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු හමු වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද (පෙබ. 2) උදෑසන ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කළ බව ය.
මරණකාරියන් දෙදෙනා වයස අවුරුදු 49 හා 51 වන වියේ පසුවන සහෝදරියන් බවට ත් ඔවුන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති බවට ත් එහිදී අනාවරණය වී ඇත.
මෙම නිවසේ මරණකාරියන්ගේ වයෝවෘධ මව රෝගී තත්ත්වයෙන් සිට ඇති අතර ප්‍රතිකාර සඳහා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
මරණවල හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.