සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
අද දිනයේ පස්සර ආසනයේ මඩොල්සිම නගරයේ රැස්වීමක් සංවිධානය කර තිබූ බවත් ඒ සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණෙන බව දැනුම්දී තිබූ බවත් අවසන් මොහොතේ ඒ සඳහා නොපැමිණෙන බව දැනුම්දුන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බවත් ඒ හේතුවෙන් තමා පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් වැඩිදුරටත් සඳහන් කළේ.