අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරලුණු නුවරඑළියේ එළවළු ලොරිය !

370 Views
1 Min Read

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ඒම සඳහා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අද (මාර්තු 5) දින උදැසන 9.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ලබුකැළේ තේ කර්මාන්තශාලාව අසලදීය.

පොලිසිය සඳහන් කළේ, නුවරඑළිය ලබුකැළේ ප්‍රදේශයේ පිහිටි එළවළු ගොවිපොළකින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ත් අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කිරිම සඳහා රියැදුරු තිරිංග ක්‍රියාත්මක කිරිමේදි ලොරි රථය රියැදුරුගේ පාලනයෙන් මිදි ඇදී ගොස් ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බව ත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය පැවසීය.

අනතුරින් තුවාල ලැබූ පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරීන් සහ ලබුකැළේ ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කර ඇත.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථයේ 15 දෙනෙකු ගමන් කර ඇති බව ත් ඉන් එක් අයෙකු ලොරි රථය පෙරළෙන අවස්ථාවේ ඉන් පැන බේරී ඇති බව ත් අනතුරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව ත් පොලිසිය පැවසීය.

Share This Article
Leave a comment