සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව තිබේ.
ඔහු මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ “ප්‍රොජෙක්ට් කේ” නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අමිතාබ් බච්චන්හට පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගත වනු ඇති බවය.
මේ හේතුවෙන් “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු ද නවතා දැමීමට චිත්‍රපට අධ්යක්ෂවරයා කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ හයිද්‍රාබාද් හි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු මේ වනවිට සිය නිවස වෙත ගොස් ඇති බවය.