සුබසාධක ප්රතිලාභ සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණයට ලබන 31 වැනිදා ට පෙර තොරතුරු ලබා දෙන්නැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ වනවිට ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ ලක්ෂ 11කට ආසන්න පිරිසක් බවයි එහි සභාපති බී විජේරත්න මහතා සඳහන් කළේ.
තවත් ලක්ෂ 26ක පිරිසකගේ තොරතුරු සමීක්ෂණ නිලධාරින්ට ලබාදිය යුතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර ඇතැම් පුද්ගලයින් සමික්ෂණ නිලධාරින්ට වැරදි තොරතුරු ලබා දෙන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.
එවැනි පුද්ගලයින්ට සමාජ සුබසාධන ප්රතිලාභ හිමි නොවන අතර, ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් නීතිය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.
මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…